බෝ සමිඳු සෙවනේ නැත වෙහෙස දැනුනේ
සසරින් ම එතෙරවී වඩින්නට බැලුවේ
දුකමයි දැනෙන්නේ රැඳීමෙන් ගිහිගේ
බුදු සමිඳු ගිය මගෙහි වඩින්නෙමි තනිවේ
පියුමක්ය යන මගෙහි නොමැත දුක්ගොනුවී
සම්බුද්ධ අප සමිඳු දෙසූ ලෙස පෙරදී
මෑණියන් සසුන් ගත කරේ සිත සවීදී
රකින්නය බුදු සසුන දිවි දෙවනි කරදී